Country | Buying | Selling | |
![]() ![]() | Dollar | 198.50 | 202.99 |
USA | |||
![]() ![]() | Pound | 273.27 | 282.08 |
UK | |||
![]() ![]() | Euro | 233.75 | 242.34 |
EU | |||
![]() ![]() | Yen | 1.79 | 1.86 |
Japan | |||
![]() ![]() | Yuan | 30.23 | 31.50 |
China | |||
![]() ![]() | Dollar | 144.54 | 150.86 |
Australia |
ලොව පුරා මරණ පහකින් එකකට හේතුව කන කෑම
Related Articles
ලෝකයේ සිදුවන මරණවලින් පහෙන් එකක් සිදුවන්නේ සමබල ආහාර වේලක් නොගැනීම නිසා බව හෙළිව තිබෙනවා.
අධීක සීනි, ලුනු සහ මේද සහිත ආහාර මෙන්ම සකස් කළ ආහාර අනුභව කිරීම නිසා මිනිස් ජීවිත අකාලයේ අහිමි වන බවයි පර්යේෂකයන් සදහන් කරන්නේ. රටවල් 195 ක ක්‍රියාත්මක කළ පර්යේෂණයකින් මේ බව හෙළිව තිබෙනවා. නිසි පෝෂණයක් නොමැති මෙම ආහාර ලබාගැනීම නිසා හෘදයාබාධ, පිළිකා සහ දියවැඩියාව වැළදීමෙන් වැඩි වශයෙන්ම ජීවිත හානි වන බවයි පර්යේෂකයන් පවසන්නේ. 2017 වසරේදී ලොව පුරා මිලියන 11 ක ජනතාවක් ආහාර පුරුදු හා සම්බන්ධ හේතු නිසා මියගොස් තිබෙනවා. පෝෂණය වඩා හොදින් සුරැකෙන ධාන්‍ය වර්ග, දියර කිරි, පරිභෝජනයෙන් මෙවැනි ජීවිත හානි අඩු කර ගත හැකි බවයි පර්යේෂණ කණ්ඩායම පවසන්නේ. එසේම එළවළු සහ පළතුරු වැඩි වශයෙන් අනුභවයද ආයු කාලය වැඩි කර ගැනීමට හේතු වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.