සෞදි අරාබියේ රාජකීය පවුලට අයත් ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් තුන්දෙනෙකු අත්අඩංගුවට
Related Articles
සෞදි අරාබියේ රාජකීය පවුලට අයත් ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් අත්අඩංගුවට ගැනීමට හේතු කිසිවක් මෙතෙක් ඉදිරිපත් කර නැහැ. සෞදි රජුගේ සහෝදරයා ද අත්අඩංගුවට ගත් පිරිස අතර සිටිනවා. මෙම රාජකීය සාමාජිකයින් තුන්දෙනාගෙන් දෙදෙනෙකු සෞදි රාජ්‍ය තුළ ඉතා බලවත් පුද්ගලයින් ලෙසයි සැලකෙන්නේ. සෞදියේ ඔටුන්න හිමි කුමරු තම බල පරාක්‍රමය දැඩි කිරීමේ පියවරක් ලෙස මොවුන් අත්අඩංගුවට ගැනීමට සිදුව ඇති බවයි දේශපාලන විචාරකයන් පවසන්නේ. 2016 වසරේ මොහොමඩ් බින් සල්මාන් කුමරු එරට ඔටුන්න හිමි කුමරු බවට රජු නම් කිරීමෙන් පසු රාජ්‍ය නිල නොවන නායකයා බවට පත්වුණා.