කාන්තාවට හා ගැහැණු දරුවාට එරෙහි ප්‍රචණ්ඩත්වයට තිත
Related Articles
ශ්‍රී ලංකාවේ කාන්තාව අත්කරගෙන ඇති ජයග්‍රහණ පිළිබඳ සතුටට පත්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා.
ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරමිනුයි ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ. මෙරට ජනගහනයෙන් හරි අඩකටත් වඩා නියෝජනය කරන්නේ කාන්තා ප්රජාවයි. කාන්තා සමාජ සංවර්ධන දර්ශක අනුව ලොව සංවර්ධිත රටවල මට්ටමට ළගා වීමෙන් පෙන්නුම් කරන්නේ ශ්‍රී ලාංකික කාන්තාව වෙත මෙරට සමාජය ලබා දී ඇති වටිනාකම බවයි ජනාධිපතිතුමා කියා සිටින්නේ. සාක්ෂරතාව සමාජ සහභාගීත්වය සහ ආයු අපේක්ෂාව වැනි බොහෝ අංශවලින් කාන්තාව ඉදිරියට පැමිණ සිටිනවා. මෙරට ආර්ථිකයේ වැඩි දායකත්වයක් දරන්නේද කාන්තාව බවයි ජනාධිපතිතුමා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
කාන්තාවට හා ගැහැණු දරුවාට එරෙහිව සිදුවන සියලු ආකාරයේ ප්රචණ්ඩත්වය හා වෙනස්කොට සැලකීම් පිටු දැකීම සඳහා රජය කැපවී කටයුතු කරනවා. කාන්තාවන්ගේ ආදායම් උත්පාදනය ඉහළ නැංවීමේ වටපිටාවක් නිර්මාණය කිරීමට ද කටයුතු කරන බවයි ජනාධිපතිතුමා සඳහන් කළේ. ඔවුන්ගේ ස්වාධීන තීරණ ගැනීම හරහා රාජ්‍ය පාලනයේ ඉහළ තනතුරු හෙබවීමට මෙන්ම දේශපාලන දිශානතිය හැසිරවීමට ශ්‍රී ලාංකීය කාන්තාවට ඇති අවස්ථා තවදුරටත් සහතික කළ යුතු බව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා. ඇය දිරිමත් – රට සවිමත් තේමාව යටතේ මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය සැමරෙනවා.