මුරුංගා කොළ පමණක් ආහාරයට ගෙන ජීවිතය ගැටගසා ගත් යුවළක් පිළිබදව පසුගියදා පුවත්පතක පළවුණා. එය රජය අපහසුතාවට පත් කිරීමේ අරමුණෙන් පළකල පුවතක් බව කාන්තා කටයුතු ඇමතිනී චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය පවසනවා. අමාත්‍යවරිය මෙම අදහස් පළකළේ මෙම යුවළ පිළිබද සොයා බැලීමට ගිය අවස්ථාවේදීයි.
අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=fRmfUBr8dcI&feature=youtu.be”]
එම සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ අවධානය යොමු වීමෙන් අනතුරුවයි අමාත්‍යවරිය මේ පිළිබද සොයා බැලීමට කටයුතු කළේ. ඔවුන්ගේ නිවස ඉදිකර දීමට අවශ්‍ය කටයුතු ද සලසා දෙන බව අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය වැඩිදුරටත් පවසා සිටියා.
