fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පිලියන්දල නිවසක සැකකටයුතු මරණයක්

ITN News Editor
By ITN News Editor මාර්තු 15, 2023 07:07

පිලියන්දල නිවසක සැකකටයුතු මරණයක්

ඊයේ සවස් කාලයේ පිලියන්දල වාරපොල ප්‍රදේශයේදී නිවසක සැකකටයුතු ලෙස කාන්තාවක් ගෙල වැලලාගෙන මිය ගොස් ඇති බවට පිලියන්දල පොලීසියට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කෙරුණා.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 27ක් වන සුවාරපොල පිලියන්දල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්.

මියගිය කාන්තාව සැමියා සමග ඇතිවූ අමනාපයක් මත මවගේ නිවසට පැමිණ සිටියදී සැකකටයුතු ලෙස මෙසේ මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෘත ශරීරයේ දෙයක් ගැටගසා තිබී ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර කලුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ මෘත දේහය තැන්පත් කර තිබෙනවා.

පිලියන්දල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

ITN News Editor
By ITN News Editor මාර්තු 15, 2023 07:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්