ව්‍යවස්ථා සභාවට සඳහා සිවිල් සමාජ නියෝජිතයින් නාමයෝජනා කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරිය සහ විපක්ෂ නායකවරයා අතර එකඟතාවක් ඇතිවී තිබෙනවා .
ඒ අනුව මහාචාර්ය වසන්තා යසයනවිරත්න, ඔස්ටින් ප්‍රනාන්දු සහ රංජිත් ආරියරත්න යන මහත්ම මහත්මීන් ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයින් ලෙස නම් කිරීමටයි එකඟ වී ඇත්තේ .
මීට පෙර ව්‍යවස්ථා සභාවේ සිවිල් සමාජ සාමාජිකයන් ලෙස කටයුතු කළ වෛද්‍ය අනූජා විජේසුන්දර, ආචාර්ය ප්‍රතාප් රාමානුජම් සහ මහාචාර්ය දියන්ෂා සමරරත්න යන අයගේ නිල කාලය පසුගිය 16 වනදා අවසන් වීමෙන් අනතුරුව මෙම නව නාමයෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වී තිබෙනවා .
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කරන සිවිල් සමාජ සාමාජිකයන් අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයාගේ එකඟතාව මත කථානායකවරයා විසින් පත් කළ යුතුයි
නව නාමයෝජිතයන් අතර මහාචාර්ය වසන්තා යසයනවිරත්න මහත්මිය දැනට කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ රාජ්‍ය නීතිය සහ ජාත්‍යන්තර නීතිය පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරිය ලෙස සේවය කරමින් සිටින අතර, ඔස්ටින් ප්‍රනාන්දු මහතා රාජ්‍ය සේවයේ උසස් තනතුරු රැසක් දැරූ අත්දැකීම් සහිත නිලධාරියෙක්
රංජිත් ආරියරත්න මහතා ද ශ්‍රී ලංකා පරිපාලන සේවයේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙස කටයුතු කර ඇති අයෙක්
මෙම නාමයෝජනා සමඟ 10 දෙනෙකුගෙන් සමන්විත ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය යළි සම්පූර්ණ වීමට නියමිතයි .
