වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව නව යුගයක් කරා ගමන් කරමින් සිටින බව මෙරට චීන තානාපති චී ෂෙන් හොන්ග් මහතා පවසනවා.
ලබන වසරේ දී මෙරට සියලු පාසල් දරුවන්ගේ පාසල් නිල ඇදුම් චීන රජයේ මැදිහත්වීමෙන් නොමිලේ ලබාදීමට සූදානම් බවයි ඒ මහතා පවසන්නේ.
අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් සඳහා ලබාදෙන චීන තානාපති ශිෂ්‍යත්ව ප්‍රධාන කිරිමේ වැඩසටහනේ තවත් අදියරක් බදුල්ල කැප්පෙටිපොළ ජාතික පාසලේ දී පැවැත්වුණා.
ඒ මෙරට චීන තානාපති චී ෂෙන් හොන්ග් මහතාගේ ප්‍රදානත්වයෙන්.
මෙහිදි එම පාසලේ සිසු සිසුවියන් 100 දෙනෙකු සඳහා ශිෂ්‍යත්ව ප්රදානය කෙරුණා.
මෙහිදි එක් ශිෂ්‍යයෙකුට රුපියල් 25000ක් වටිනා ශිෂ්‍යත්වයක් ලබාදීම සිදුකළා.
2018 වසරේ දී මෙම ශිෂ්‍යත්ව වැඩසටහන ආරම්භ කර ඇති අතර පාසල් 20ක එය ක්‍රියාත්මක කර තිබෙනවා.
“2023 – 70%ක් සහ 2024 – 80%ක් ශ්‍රී ලංකාවේ පාසල් සිසු දරුදැරියන් සඳහා පාසල් නිල ඇදුම් චීන රජය පරිත්‍යාග කළා.
එම ප්‍රමාණය ලබන වසරේ දී 100%ක් දක්වා ලබාදීමට සැලසුම් කරලා තියෙනවා.
එය මේ වසර අවසාන වීමට පෙර කාණ්ඩ තුනක් යටතේ ලබාදීමටයි අපේක්ෂා කරන්නේ.
ශ්‍රී ලංකාව සහ චීනය අතර සබඳතාවයට දිගු ඉතිහාසයක් පවතිනවා.
ජාත්‍යන්තර තත්ත්වය කෙසේ වෙනස් වුවත් චීනය හැම විටම ශ්‍රී ලංකාවේ ජනතාව සමග ඉන්නවා.
චීනය ශ්‍රී ලංකාවේ සැබැ විශ්වාසවන්ත මිතුරෙක් වගේම හොඳ හවුල්කරුවෙක්.
පසුගිය දිනවල ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල ජනතාව ගංවතුරෙන් පීඩාවට පත්වුණා.
චීන රජය වහාම රුපියල් මිලියන 30ක හදිසි මානුෂිය සහනාධාර මුදල් සහ රුපියල් මිලියන 420ක ද්‍රව්‍යාධාර මෙරට ජනතාවට ලබාදුන්නා.
ආපදාවට පත් ලක්ෂයකට අධික ජනතාවට උපකාර කිරීමට අපට හැකිවුණා.
ශ්‍රී ලංකා නව යුගයකට අවතීර්ණ වෙලා තියෙනවා.
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රබල නායකත්වය යටතේ ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ලියවෙමින් පවතිනවා.
අපි විශ්වාස කරනවා ශ්‍රී ලංකාවට ඉක්මනින් ආර්ථික අර්බුදයෙන් මිදි සමෘද්ධිය , සෞභාග්‍යය උදා කර ගැනීමට වත්මන් රජය යටතේ හැකිවෙයි කියලා. ”