ඇමරිකානු ආපනශාලාවක් කැරට් 24 රත්රන් දියරයෙන් පදම් කළ කුකුළු මස් විකිණීම ආරම්භ කර තිබෙනවා. ඩොලර් 1,000ක් ඔබ සතු නම් එම කුකුළු මස් පිඟාන මිලදී ගන්න පුළුවන්.
ඔවුන් රනින් පදම් කළ කුකුළු මස් සකස් කරගන්නේ මෙහෙමයි.
ප්‍රථමයෙන් කුකුළු මස් කැබලිවලට ලුණු ඉස, පදම් වීම සඳහා පැය දොළහක කාලයක් තැබිය යුතුයි. ඉන්පසු නිවසේ සාදා ගත් කුළුබඩු යොදා බැදගත් මස් කැබලි රත්රන් දියරයෙන් (පැණි සහ බාබෙකියු සෝස් මිශ්‍ර කළ) වසා එයට ඉහළින් තවත් රත්තරන් කුඩු තට්ටුවක් ඉස ගත යුතුයි.
ඔබ ඉතා වෙහෙස වී සොයා ගත් ඩොලර් 1,000ක් මෙම ආහාරය වෙනුවෙන් වියදම් කිරීමට හැකිනම් රත්රන් කුකුළු මස් කැබලි පනහක් සහ රත්තරන් බෝතලයක බහාලූ ‘Ace of Spades’ (ඒස් ඔෆ් ස්පේඩ්ස්) නම් ෂැම්පේන් වර්ගය මිලදී ගන්න පුළුවන්.
යූ ටියුබ් නාලිකාවක් පවත්වාගෙන යන ‘කේසි නීස්ටැට්’ මෙම රත්රන් කුකුළු මස් කැබලි ආහාරයට ගැනීමෙන් පසු ඒ පිළිබඳ සිය අදහස් දක්වමින් පැවසුවේ, “ඒවායේ ඇඹුල් රසක් තිබෙනවා. ඒ වගේම, යකඩ සහ රත්තරන් රසකුත් මිශ්‍ර වෙලා තිබෙනවා,” යනුවෙනුයි.
“කුකුළු මස් කැබලි මට පෙනෙන්නේ සාමාන්‍ය ආහාරයක් විදියට. නමුත් රත්රන් කුකුළු මස් ඉතා විශ්මයජනක දෙයක්,” යැයි කේසි නීස්ටැට් සමඟ යූ ටියුබ් චැනලය පවත්වාගෙන යන ‘ෂෝන්’ පැවසීය.
මේ කුකුළු මස් ඉතා අමුතු දෙයක් වුවත්, ඒවා “ඉතා රස” බව ඔවුන් තවදුරටත් පවසනවා.
2016 දී ඇමරිකාවේ බ්රූක්ලීන් ප්‍රදේශයේ පිහිටා තිබූ පිලිපීන ආපනශාලාවක රත්තරන් ආලේපිත ‘ඩෝනට්’ වර්ගයක් නිෂ්පාදනය කළා. එය එතරම් සාර්ථක නොවූ අතර පසුව ආපානශාලාව වසා දැමීමට කටයුතු කර තිබුණා.
නමුත් රත්තරන් ඩෝනට් හේතුවෙන් ප්‍රසිද්ධියට පත් ආපනශාලා පරිශ්‍රයේ DJ සංගීත සහ ඩෝනට් රාත්‍රී සාද පවත්වනවා.
මිලෙන් අධික ‘ක්‍රිස්ටල් ෂැම්පේන්’ සහ කැරට් 24 රත්රන් යොදා අයිස්ක්‍රීම් වර්ගයක් නිෂ්පාදනය කිරීමට තවත් ඇමරිකානු ආපනශාලාවක් කටයුතු කර තිබෙනවා. එවැනි අයිස්ක්‍රීම් දොළහක මිල ඩොලර් 1,200ක් පමණ වනවා.
කුකුළු මස්, ඩෝනට්, අයිස්ක්‍රීම් පමණක් නොවේ. රත්රන් දැමූ පිසා සෑදීමට පසුගියදා නිව්යෝර්ක් හි ආපනශාලාවක් කටයුතු කළා.
මෙම පීසාවකට කැරට් 24 රත්රන් කුඩු ඉස ඇති අතර, එය ඇමරිකානු ඩොලර් දෙදහසකට විකිණී තිබෙනවා. නමුත් එම රත්රන් කුඩුවලට යටින් සාමාන්‍ය පීසාවක දැකිය හැකි චීස්, කොල වර්ග, මස් වර්ග සහ කුළුබඩු දක්නට තිබුණු බවයි වාර්තා වෙන්නේ.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/10/tmg-article_default_mobile.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/10/St-Ritas-Catholic-Church-chocolate-covered-espresso-bean-covered-18-carat-gold-dust.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/10/images-4.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/10/https_2F2Fblogs-images.forbes.com2Fkristintablang2Ffiles2F20162F012FManila-Social-Club-Bjorn-DelaCruz-Gold-Ube-Cristal-Donut-2-e1455914021405-1200×675.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/10/695613d597eebc927c37431f6365c2dc.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/10/920×920.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/10/1412096908000-golden-phoenix-copyjpg.jpeg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/10/img.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/10/images-2-1.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/10/iehou4.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/10/landscape-1481914051-industry-kitchen-02.jpg”]