ද්විත්ව ගර්භාෂයක් සහිත ඇමෙරිකාවේ කාන්තාවක් දරුවන් දෙදෙනෙකුට උපත ලබාදී තිබෙනවා.
ඇමෙරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ තිස් දෙහැවිරිදි කෙල්සි හැචර් නමැති මෙම කාන්තාවට දරු ප්‍රසූතිය සදහා දින දෙකක් ගතව ඇති බවයි වාර්තා වන්නේ.
කාන්තාවන් මිලියනයකින් එක් අයෙකුට පමණ මෙලෙස ගර්භාෂයන් දෙකක් පවතින බව වෛද්‍යවරු සදහන් කරනවා.
පසුගිය අඟහරුවාදා ඇය පළමු දරු ප්‍රසූතිය සිදුකළ අතර බදාදා දිනයේදී දෙවැනි දරු ප්‍රසූතිය සිදුකළ බවයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරන්නේ.
මෙය නිවුන් දරු උපතක් ලෙස සැලකෙන අතර ඇය ප්රසූතාගාරය තුළ පැය 20ක පමණ කාලයක් ගතකර ඇති බවද සදහන්.