ලොව විශාලතම බහාලුම් නෞකාව සිය පළමු යාත්‍රා ගමන ආරම්භ කර තිබෙනවා.
“Oocl Valencia” නම් එම බහාලුම් නෞකාව අද (9) පෙරවරුවේ චීනයේ යැංසි ගංගාවෙන් පිටත් වී මුහුදු ප්‍රදේශය වෙත යාත්‍රා කළේ ය.
2024 වසරේ චීනය නිෂ්පාදනය කළ පළමු ලොව විශාලතම බහාලුම් නෞකාව ලෙසට ” Oocl Valencia” සැලකේ.
මෙම නෞකාව මීටර් 399.99ක් දිග, මීටර් 61.3ක් පළල හා මීටර් 33.2ක් උසකින් යුක්ත ය. මහල් 22ක සාමාන්‍ය නිවාස ගොඩනැගිල්ලක් තරම් ප්‍රමිතිගත බහාලුම් 24188ක් ප්‍රවාහනය කළ හැකි මෙම නෞකාව, ලොව ඉහළම නෞකා නිෂ්පාදන තාක්ෂණයේ නිපැයුමක් වශයෙන් සැලකේ.