හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් වාස් ගුණවර්ධන මහතා අල්ලස් කොමිසම හමුවට අද (27) කැඳවා තිබුණා.
අල්ලස් කොමිසම මගින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් ද වාස් ගුණවර්ධන මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන සභාවට අද (27) කැඳවා තිබුණා.
ඒ අනුව ඔහු අද (27) පෙරවරුවේ අල්ලස් කොමිසමට පැමිණියා.
ෂැන්ග්‍රිලා හෝටලය පිහිටි ඉඩම පිළිබඳ විමර්ශනයකට අදාළව ඔහු මෙලෙස කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ද අද දින අල්ලස් කොමිසම හමුවට පැමිණෙන ලෙස දැනුම් දී තිබූ බව වාර්තා වනවා.
කෙසේ වෙතත් ඔහු අද (27) පැමිණීමට නොහැකි බව දැනුම් දී ඇති බවයි එම වාර්තා සඳහන් කරන්නේ.
