“සුපිලිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන තේමාව යටතේ ප්‍රකාශයට පත් කර ඇති ජාතික සුපිලිපන් සතිය අද (27) සිට ජූලි 31 දක්වා ක්‍රියාත්මක වෙනවා.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික කුමානායක මහතාගේ අත්සනින් යුතු චක්‍රලේඛයක් මගින් ප්‍රකාශයට පත් කර ඇති මෙම වැඩසටහන, ජනාධිපති ලේකම් කාර්යාලය හා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබනවා.
“ජාතික සුපිලිපන් සතිය” අද (27) පෙරවරු 9.00 ට ජනාධිපති ලේකම් කාර්යාලය ප්රමුඛ සියලුම රාජ්‍ය ආයතනවල ‘ජාතික සුපිලිපන් දිවුරුම‘ ලබා දීම සහ ‘ආචාර ධර්ම සංග්‍රහය‘ ප්‍රකාශයට පත් කිරීමෙන් ආරම්භ වීමට නියමිතයි.
මෙම සතිය ප්‍රකාශයට පත් කිරීමේ ප්‍රධාන අරමුණ වන්නේ මෙරට රාජ්‍ය සේවයේ ගුණාත්මකභාවය, කාර්යක්ෂමතාව සහ පාරදෘශ්‍යභාවය ඉහළ නැංවීම මෙන්ම දූෂණයෙන් තොර ආදර්ශවත් පරිපාලන ව්‍යුහයක් ගොඩනැංවීමයි.
මෙහිදී ‘සුපිලිපන්භාවය’ (Integrity) යන්නෙන් අදහස් කරන්නේ තමා විසින්ම ස්වයං විනයකින් , ස්වයං පාලනයකින්, හා ස්වයං අධීක්ෂණයකින් යුතුව හෘද සාක්ෂියට එකඟව නිවැරදි , විනිවිදභාවයකින් යුතු සහ සදාචාරාත්මකව තම සේවය ඉටු කිරිමයි.
ඒ අනුව මෙම ජාතික සුපිලිපන් සතිය පහත පරිදි සැලසුම් කර තිබෙනවා.
ජූලි 27- ආයතනික සුපිලිපන්බව ප්‍රවර්ධනය කිරීම.
ජූලි 28- මූල්‍ය, ඩිජිටල්, ව්‍යවසායකත්ව හා තාක්ෂණික සුපිලිපන්බව ප්‍රවර්ධනය කිරීම
ජූලි 29- ආධ්‍යාත්මික, ආචාරධර්මීය, සංස්කෘතික සහ සමාජීයීය සුපිලිපන්බව ප්‍රවර්ධනය කිරීම.
ජූලි 30- මෙහෙයුම්, යටිතල පහසුකම්, සේවා සැපයීමේ සහ ශ්‍රම සුපිලිපන්බව ප්‍රවර්ධනය කිරීම.
ජූලි 31-පාරිසරික, සම්පත් කළමනාකරණ, ග්‍රාමීය සහ ප්‍රජා සවිබලගැන්වීමේ සුපිලිපන්බව ප්‍රවර්ධනය කිරීම.
ජනාධිපති ලේකම් කාර්යාලයේ මෙහෙයවීම යටතේ සෑම රාජ්‍ය ආයතයකම ස්ථාපිත “අභ්‍යන්තර කටයුතු ඒකක” මගින් මහජනතාවට සිදුවන අපහසුතා හෝ දූෂණ ක්‍රියා පිළිබඳ පැමිණිලි භාරගනු ලබනවා.
මහජනතාවට QR කේත, විද්‍යුත් තැපෑල (Email), ලිපි, දුරකථන ඇමතුම් හෝ වෙබ් පණිවිඩ ඔස්සේ තම පැමිණිලි ඉදිරිපත් කළ හැකි අතර, එම පැමිණිලි සම්බන්ධයෙන් ආයතන ප්‍රධානීන් ගන්නා ක්‍රියාමාර්ග නිරීක්ෂණය කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය මගින් විශේෂ ඩිජිටල් පද්ධතියක් ද ක්‍රියාත්මකයි.
ජූලි 31 වැනිදායින් පසු, දෙසැම්බර් 31 වැනිදා දක්වා මෙම වැඩසටහන සියලු රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.
