ශ්‍රී ලංකාවේ ඛනිජ වැලි කර්මාන්තය ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීමේ තාක්ෂණික සමුළුව(CCC Mineral Sands Technical Conference) කොළඹ දී ආරම්භ වුණා.
ශ්‍රී ලංකාවේ ඛනිජ වැලි ක්ෂේත්රය ගෝලීය වශයෙන් ඉහළ තරගකාරීත්වයක් සහිත කර්මාන්තයක් බවට පත්කිරිමේ අරමුණින් මෙම සමුළුව සංවිධාන කර තිබෙනවා.
ලංකා වාණිජ මණ්ඩලය සහ ඕස්ට්‍රේලියාවේ මිනරල් ටෙක්නොලජීස් ආයතන එක්ව මෙහෙය වන මෙම සමුළුවට දේශීය හා විදේශීය ක්ෂේත්රයේ ප්‍රවීණයන් සහ ආයෝජකයන් විශාල පිරිසක් එක්වුණා.
සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා ශ්‍රී ලංකාවේ ඛනිජ වැලි විභවතාව විවෘත කිරීම යන තේමාව ඔස්සේ විශේෂ දේශනයක් පැවැත්වුවා.
පාරිසරික සමතුලිතතාව සහ තිරසර පදනම සුරකමින් නවීන තාක්ෂණය උපයෝගී කරගෙන මෙම ක්ෂේත්රයෙන් උපරිම ඵල නෙලා ගැනීමටත් විදේශ ආයෝජන දිනා ගැනීමටත් රජය උපරිමයෙන් කැපවී සිටින බව අමාත්‍යවරයා අවධාරණය කළා.
