PCR පරික්ෂන සඳහා කොවිඩ් 19 සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදලෙන් රුපියල් මිලියන 36 ක මුදලක් ලබාදී තිබෙනවා.
අදාල චෙක්පත මහබැංකු අධිපති සහ කොවි්ඩ් අරමුදලේ කළමනාකරණ කමිටු සභාපති මහාචාර්ය ඩබ්ලිව් බී ලක්ෂ්මන් මහතා සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් මේජර් ජනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ මහතාට ඊයේ (24) ලබාදුන්නා.
ශ්‍රී‍්‍ර ජයවර්ධන පුර විශ්ව විද්‍යාලය මගින් සිදුකරන PCR පරික්ෂණවලට අවශ්‍ය පරික්ෂණ කට්ටල මිලදී ගැනීමටද මෙම මුදල් වැයකරනවා. යාපනය විශව විද්‍යාලයේ PCR පරික්ෂණවල ධාරිතාව වැඩි කිරිම සදහා හදිසි සහ අත්‍යවශ්‍ය රසායනාගාර උපකරණ මිළදී ගැනීමද අරමුණක්.
කොවිඩ් 19 අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1525 ඉක්මවා ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
