වැල්ලවාය මොණරාගල ප්රධාන මාර්ගයේ ආනපල්ලම ප්රදේශයේ දී සිදු වූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
කඨින චීවර වන්දනා පිංකමකට සහභාගිවීමට මාර්ගය හරහා මාරු වීමට උත්සාහ කල කාන්තාවක් ලොරි රථයක ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.
මෙසේ මියගොස් ඇත්තේ ආනපල්ලම ප්රදේශයේ ම පදිංචි වයස අවුරුදු 65ක කාන්තාවක්.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු වැල්ලවාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු වැල්ලවාය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වැල්ලවාය පොලිසිය විසින් සිදු කරයි.
