කොත්මලේ වෙදමුල්ල රම්බොඩ ප්රදේශයේ රක්ෂිතයක පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් වැටලීමට ගිය කොත්මලේ පොලිසියේ නිලධාරීන් 07 දෙනෙකුට බඹර ප්රහාරයක් එල්ල වී තිබෙනවා.
ගසක බැඳ තිබූ බඹර කුඩුවක් පවතින අධික වියළි කාලගුණයත් සමග ඇවිස්සී වැටලීමට ගිය කොත්මලේ පොලිස් අපරාධ විමර්ෂණ ඒකකයේ ස්ථානාධිපතිපතිවරයා ඇතුලු පොලිස් නිලධාරීන් 7 දෙනෙකුට දෂ්ඨ කර තිබෙනවා.
බඹර ප්රහාරයක් එල්ල වී ඇති බවට ලද තොරතුර මත 1990 සුවසැරිය ගිලන් රථ දෙකක් එම රක්ෂිතය ආසන්නයට ගෙන්වා තුවාලකරුවන් 07 දෙනාගෙන් දෙදෙනෙකු කොත්මලේ ප්රාදේශීය රෝහල වෙත ඇතුලත් කර ඇති අතර, බරපතල තත්ත්වයේ සිටි පොලිස් නිලධාරීන් 5 දෙනෙකු නුවරඑළිය දිස්ත්රික් මහ රෝහල වෙත ඇතුලත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.
බඹර ප්රහාරයට ලක් වූ පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතල බව නුවරඑළිය දිස්ත්රික් රෝහලේ නිලධාරීන් පවසනවා.
