ජනාධිපතිවරණ තැපැල් ඡන්ද දායක ලැයිස්තු සහතික කිරිම අද සිදුවනවා. ඒ සඳහා අවශ්‍ය මුලික කි‍්‍රයාමර්ග ගෙන ඇති බවයි අතිරේක මැතිවරණ කොමසාරිස් රසික පිරිස් මහතා සඳහන් කළේ.
මේ අතර තැපැල් ඡන්ද අයදුම් පත් භාරගැනිමේ කටයුතු පසුගිය 04 වනදා අවසන් වුණා. ජනාධිපතිවරණය නිරික්ෂණය සඳහා නිරික්ෂකයන් සහභාගි කරවන ලෙසට රටවල් කිහිපයකින් ඉල්ලීම් කෙර ඇති බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ. සාර්ක් කලාපයේ රටවල්, කොරියාව සහ ඉන්දුනිසියාව ද ඊට අයත්.