වැඩිහිටි සියලු දෙනාට ආරක්ෂාව, නිදහස, සතුට, සෞඛ්‍ය, ප්‍රවාහනය මෙන්ම ආධ්‍යාත්මික යහපැවැත්ම තහවුරු වන ජීවිතයක් වගේම වැඩිහිටි අයිතිවාසිකම් සුරැකෙන සමාජයක් නිර්මාණය විය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කර තිබෙනවා.
එමෙන්ම එය සමාජ වගකීමක් බවයි වැඩිදුරටත් අවධාරණය කළේ.
කතරගම Silver Age Center වැඩිහිටි සත්කාරක, පුහුණු සහ පර්යේෂණ මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට Zoom ඔස්සේ සම්බන්ධ වෙමින් මේ බව ප්‍රකාශ කළා.
ඒ ඊයේ(31) ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ සිටයි.
මෙහිදී වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික සභාවේ නියෝජිතයින් විසින්, වැඩිහිටි තැනැත්තන් සඳහා ආයතනගත රැකවරණය සපයනු ලබන මධ්‍යස්ථාන නියාමනයට අදාළ නියෝග සහ මාර්ගෝපදේශ සහිත කෙටුම්පත අගමැති වෙත ලබාදීම ද සිදු කළා.
