ලොව විශාලතම තෙල් අපනයනකරු වන සෞදි ඇරම්කෝ සමාගම අප්‍රේල් මාසය සඳහා ආසියානු ගැනුම්කරුවන් වෙත ලබාදෙන බොරතෙල් සැපයුම දෙවන වරටත් කප්පාදු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අමෙරිකානු-ඊශ්‍රායල සහ ඉරාන යුද්ධය හේතුවෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුකරන වෙළඳ කටයුතුවලට බාධා එල්ල වීම මීට හේතුවයි.
විදෙස් මාධ්‍ය වලට අනුව අප්‍රේල් මාසයේදී රතු මුහුදේ පිහිටි යාන්බු වරාය හරහා අපනයනය කරන ‘Arab Light’ වර්ගයේ බොරතෙල් පමණක් තම පාරිභෝගිකයන් වෙත ලබාදීමට සමාගම තීරණය කර තිබෙනවා.
මාර්තු මාසයේදී මේ දක්වා සෞදි අරාබිය දිනකට බොරතෙල් බැරල් මිලියන 4.355ක් (bpd) අපනයනය කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළා.
