මහා භාණ්ඩාගාරයේ විදෙස් සම්පත් ඒකකයේ සේවයේ නිරතව සිටි රංග නිශාන්ත මහතා මිය ගොස් තිබෙන්නේ ඔහු විසින්ම කැපුම් තුවාල සිදුකර ගැනීම හේතුවෙන් බව සිව්පුද්ගල කමිටුව ඒකමතිකව තීරණය කර තිබෙනවා.
අධිකරණ වෛද්‍ය නිලධාරී කමිටු සභාපති විශේෂඥ අධිකරණ වෛද්‍ය ඉලංගරත්න බණ්ඩා මහතා කුලියාපිටිය මහේස්ත්‍රාත් මිහිල් චිරන්තන සතරසිංහ මහතා ඉදිරියේ සාක්ෂි ලබාදෙමින් සඳහන් කළේ සිව්පුද්ගල කමිටුව ඒකමතිකව එම තීරණයට එළඹී ඇති බවයි.
ඉකුත් නඩු වාරයේ දී මිය ගිය පුද්ගලයාගේ බිරිඳ , දියණිය ඇතුළු පිරිසකගේ සාක්ෂි විභාගය පැවැත්වූ අතර අද දිනයේ දී අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා, මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සහ නිල සුනඛයා මෙහෙයවූ සැරයන් ඇතුළු පුද්ගලයන්ගෙන් සාක්ෂි ලබා ගැනීම සිදුකර තිබෙනවා.
අධිකරණ වෛද්‍ය නිලධාරී ඉලංගරත්න බණ්ඩා මහතා සඳහන් කළේ ආයුර්වේද වෛද්‍ය මහාචාර්යවරුන් සමග ද සාකච්ඡා පවත්වමින් මළ සිරුර සියුම් ආකාරයෙන් විච්ඡේදනය කරමින් පරීක්ෂණ පැවැත්වූ බවයි.
මිය ගිය පුද්ගලයා විසින් තුවාල සිදුකරගෙන ඉන් රුධිර වහනය විමේ දී ඇති වූ කම්පනය හේතුවෙන් මරණය සිදුව ඇති බවට විශේෂඥ වෛද්‍යවරුන් 4 දෙනාම තීරණය කළ බවයි ඔහු සඳහන් කළේ.
