ඉන්ධන නිකුත් කිරීම සම්බන්ධයෙන් නියමිත උපදෙස්වලට පරිබාහිරිව කටයුතු කරන සුළුතරයක් වූ ඉන්ධනහල් හිමියන් හා පොම්ප ක්රියාකරුවන් පිළිබද තොරතුරු වාර්තා වෙමින් පවතිනවා.
එවැනි පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්රියාමාර්ග ගැනීමට ඛනිජතෙල් නීතිගත සංස්ථාව කටයුතු යොදා තිබෙනවා.
ලෝකය තෙල් අර්බුදයෙන් දැවෙමින් පවතිනවා.
මේ හේතුවෙන් ලොව බොහෝ රටවල් දැඩි අසීරුතාවයකටයි පත්ව තිබෙන්නේ.
මෙම අර්බුදයට පිළියම් සෙවීම සඳහා ශ්රී ලංකාව ද විසදුම් ගණනාවක් ගෙන තිබෙනවා.
මෙහි ප්රධාන කාර්යයක් වන ඉන්ධන බෙදා හැරීම සඳහා ලෝකයේ විවිධ රටවල් එක් එක් උපක්රම භාවිත කරද්දී ශ්රී ලංකාව කිව් ආර් ක්රමවේදය හදුන්වා දුන්නා.
ඒ අපහසුතාවකින් තොරව ජනතාවට ඉන්ධන ලබාදීමේ අරමුණින්.
මෙම සියලු ක්රමවේද ක්රියාත්මක කළේ දිගු කලක් පෝලිම්වල රැදී සිට විඳින පීඩාවන් වළකා ජනතාවට පහසුකම් සැළසීමේ අරමුණින්.
මේ වෙනුවෙන් අංශ ගණනාවක් ක්රියාත්මක අතර තෙල් බෙදාහරින්නන් ඉන්ධන පිරවුම්හල් හිමියන් හා පොම්ප ක්රියා කරන්නන් දිවා රාත්රියෙහි මේ වෙනුවෙන් කැපවනවා.
එහෙත් අතලොස්සක් වූ පොම්ප ක්රියාකරුවන් හේතුවෙන් ඉන්ධන බෙදා හැරීමේ ක්රමවේදයට අකුල් හෙළන බවට ස්ථාන කිහිපයකින් අපට වාර්තා වුණා.
තමාට ලැබෙන සුළු මුදලක් අපේක්ෂාවෙන් කිව් ආර් ක්රමවේදය මග හැර වාහනවල ඉන්ධන පුරවන මෙම පිරිස පිළිබඳව මේ වන විට තොරතුරු ලැබී ඇති බව ඛනිජතෙල් නීතිගත සංස්තාවට ද තොරතුරු වාර්තා වී තිබෙනවා.
එබැවින් එම සංස්ථාව ඉල්ලා සිටින්නේ මේ පිළිබඳ තොරතුරු දන්නේ නම් ඡායාරූප හෝ වීඩියෝ ආරක්ෂක අංශවලට ලබා දෙන ලෙසයි.
මෙවැනි වාසි බලාපොරොත්තුවෙන් ඉන්ධනහල් වෙත පැමිණෙන පුද්ගලයින් පිළිබදවත් ආරක්ෂක අංශවල අවධානය යොමුව තිබෙනවා.
මෙවැනි පුද්ගලයින් පිළිබඳ තොරතුරු දන්නේ නම් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව ස්ථාපිත කර ඇති 0112 10 67 67 හා 0117 296130 යන විශේෂ දුරකතන අංකවලට දැනුම් දෙන ලෙස රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මේ අතර මැදපෙරදිග යුද්ධයක් පවතින අවස්ථාවක එහි දැඩි බලපෑම් අප වැනි කුඩා රටවලට ද එල්ල වන බව තේරුම් ගනිමින් බුද්ධිමත්ව සම්පත් අරපිරිමැස්මෙන් භාවිත කළ යුතු බව ජනතාව පෙන්වා දෙනවා.
