ළමුන්, කාන්තාවන් හා ස්ත්‍රී පුරුෂභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධූරයට පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු තලතා අතුකෝරළ මහත්මිය පත් කෙරිණි.
ඒ මහත්මිය සභාපති ධූරයට පත්වූයේ ළමුන්, කාන්තාවන් හා ස්ත්‍රී පුරුෂභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මාර්තු 22 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී, ගරු මංජුලා දිසානායක සහ ගරු මුදිතා ප්‍රිශාන්ති යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ යෝජනා ස්ථිරත්වයෙනි.
මෙම කාරක සභාවට කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතන, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය යන ආයතන කැඳවීමේ බලය හිමි බවටද මෙහිදි අනාවරණය විය.
මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ගරු රෝහිණි කුමාරි විජේරත්න, ගරු මුදිතා ප්‍රිශාන්ති, ගරු රාජිකා වික්‍රමසිංහ, ගරු ඩී.වීරසිංහ, ගරු මංජුලා දිසානායක, ගරු (ආචාර්ය) හරිනි අමරසූරිය, ගරු ජගත් සමරවික්‍රම සහ ගරු (මහාචාර්ය) තිස්ස විතාරණ යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
