ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අමෙරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
එය 2022 වසරෙන් පසු එම සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව වනවා.
බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල 18%කින් ඉහළ ගොස් ඩොලර් 108.68ක් ලෙස සටහන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඩබ්ලිව්.ටී.අයි (WTI) බොරතෙල් බැරලයක මිල ද ආසන්න වශයෙන් 20%කින් ඉහළ ගොස් ඩොලර් 108ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි එම මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නාවික ගමනාගමනයට එල්ල වී ඇති බාධා තවදුරටත් පැවතීම සහ සැපයුම සීමා වීම හේතුවෙන් මෙසේ බොරතෙල් මිල ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
