ග්‍රීසියේ මහ මැතිවරණය අද
Related Articles
ග්‍රීසියේ මහ මැතිවරණය අද පැවැත්වෙනවා.
වත්මන් අගමැති ක්‍රියාකොස් මිටිසෝටාකිස් මැතිවරණයෙන් ජයග්‍රහණය කරනු ඇති බවට මේ වන විට මත පළ වී තිබෙනවා.
2010 දශකයේදී ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක් වුණා.
වත්මන් අගමැතිවරයා එම අර්බුදය විසදීමට පියවර රැසක් ගත්තා.
ග්‍රීසිය මුහුණ දී සිටින බලශක්ති අර්බුදය විසදීමටද ඔහු සමත්ව සිටිනවා.
වසර 2027 වන විට ග්‍රීසියේ සමස්ත විදුලි අවශ්‍යතාව පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් සම්පූර්ණ කිරීම ඔහුගේ අපේක්ෂාවයි.
මේ වන විට 4.5%ක් වන ග්‍රීසියේ උද්ධමනය සියයට 2ක් දක්වා අඩු කිරිමද වත්මන් රජයේ බලාපොරොත්තුව වනවා.
මහ මැතිවරණයට ඉදිරිපත් යන අනෙක් ප්‍රධාන විපක්ෂය වාමාංශික පක්ෂවලින් එකතුවූවක්.