fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාකිස්ථානය ජාත්‍යන්තරයෙන් හුදකලා කරන බව ඉන්දියාව කියයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 16, 2019 11:01

පාකිස්ථානය ජාත්‍යන්තරයෙන් හුදකලා කරන බව ඉන්දියාව කියයි

පාකිස්ථානය ජාත්‍යන්තරයෙන් හුදකලා කිරීමට රාජ්‍යතාන්ත‍්‍රික මට්ටමින් සියලු පියවර ගන්නා බව ඉන්දියාව ප‍්‍රකාශ කළා.

පාකිස්ථානය සම්පුර්ණයෙන්ම තනිකිරිමට කටයුතු කරන බවයි ඉන්දීය පෙඩරල් අමාත්‍ය අරුන් ජයිට්ලෙයි සදහන් කළේ. ඉන්දීය පාලන කාශ්මීර ප‍්‍රදේශයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයෙන් 46 දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා. පාකිස්ථානය මෙම ප‍්‍රහාර එල්ල කරන සංවිධානාත්මකකණ්ඩායම්වලට එරෙහිව ක‍්‍රියාමාර්ග ගැනීමට අපොහොසත්වී ඇති බවටයි ඉන්දියාව චෝදනා කළේ.

දශක ගණනාවකට පසු කාශ්මීරයට එල්ල වූ දරුණුතම ප‍්‍රහාරය මෙය බවයි ඉන්දීය රජය පවසන්නේ. පාකිස්ථානය සමග පවතින වෙළෙද ගිවිසුම් පවා අහෝසිකළ හැකි බව ඉන්දීය පෙඩරල් අමාත්‍යවරයා ප‍්‍රකාශ කර තිබෙනවා.

පාකිස්ථානය ජාත්‍යන්තරය හමුවේ තනිකිරීමට ඉන්දියාව මීට පෙර කටයුතු කළ අවස්ථාවේ එය ව්‍යර්ථ වුණා. ඒ ජගත් ආරක්ෂක මණ්ඩලයේදී චීනය පාකිස්ථානයට සහාය දැක්වීම හේතුවෙන්.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 16, 2019 11:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්