පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීම සහ දිවයින පුරා සාධාරණ වෙළෙඳ පිළිවෙත් සහතික කිරීම වෙනුවෙන් නීතිය බලාත්මක කිරීම, දැනුවත් කිරීම සහ පැමිණිලි විසඳීමේ යාන්ත්‍රණයන් ශක්තිමත් කරමින් සහ වෙළෙඳපොළ තරඟකාරිත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා 2025 වසර තුළ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (CAA) සුවිශේෂී ප්‍රගතියක් අත්කර ගෙන තිබෙනවා.
වැටලීම් සහ නීතිමය ක්‍රියාමාර්ග
2025 වසර තුළ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත උල්ලංඝනය කරන වෙළෙඳුන් හඳුනා ගැනීම සඳහා දිවයින පුරා වෙළෙඳපොළ වැටලීම් 21,000ක් සිදු කර තිබෙනවා.
එම මෙහෙයුම්වල ප්‍රතිඵලයක් ලෙස:
* වැරදි සිදුකළ වෙළෙඳුන්ට එරෙහිව නඩු 21,000ක් ගොනු කර ඇත.
* රුපියල් මිලියන 285.5ක දඩ මුදලක් නියම කර ඇත.
* දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මෙම බලාත්මක කිරීමේ කටයුතු සිදු කර ඇත.
නිෂ්පාදන සාම්පල පරීක්ෂා කිරීම
භාණ්ඩවල නියමිත ප්රමිතීන් සහතික කිරීම සඳහා ආහාර සහ ආහාර නොවන නිෂ්පාදන සාම්පල 223ක් පරීක්ෂා කිරීමට අධිකාරිය කටයුතු කර තිබෙනවා.
වානේ කම්බි, පොල්තෙල්, රූපලාවණ්‍ය ද්‍රව්‍ය, සහල්, ටින් කළ මාළු, මිරිස් කුඩු, දියර කිරි, හිසකෙස් වර්ණක, කෝඩියල් සහ සිරප් වර්ග ඒ අතර ප්‍රධාන වේ.
1977 පාරිභෝගික පැමිණිලි සේවාව
පාරිභෝගික පැමිණිලි ඇමතුම් අංකය (1977) මහජන සේවා සැපයීමේ ප්‍රධාන මාධ්‍යයක් ලෙස අඛණ්ඩව ක්‍රියාත්මක වුණා. 2025 වසරේදී:
* ලැබුණු මුළු පැමිණිලි සංඛ්‍යාව: 5,002
* විසඳන ලද මුළු පැමිණිලි සංඛ්‍යාව: 3,805 (76.1%ක විසඳුම් ප්‍රතිශතයක්)
තරඟකාරිත්වය ප්‍රවර්ධනය
වෙළෙඳපොළ තරඟකාරිත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිරන්තරව කටයුතු කරන අතර, ඒ හා සම්බන්ධ පැමිණිලි විමර්ශනය ද අඛණ්ඩව සිදු කරයි.
2025 වසර තුළ එවැනි පැමිණිලි 98ක් සම්බන්ධව විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.
වෙළෙඳපොළ නියාමනය (ගැසට් නිවේදන)
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් වෙළෙඳපොළ නියාමනය සඳහා 2025 වසර තුළ ගැසට් පත්‍ර 06ක් නිකුත් කර තිබෙනවා.
සහල්, පානීය ජල බෝතල් සහ ටින් මාළු සඳහා උපරිම සිල්ලර මිලක් පැනවීම, වෙළෙඳපොළ තුළ පොලිතින් භාවිතය අවම කිරීම මෙන්ම පානීය ජල බෝතල් සහ ළදරු ආහාර සඳහා භාවිත කරනු ලබන ජල බෝතල්වල ප්‍රමිතිය අනිවාර්ය කිරීම සඳහා එමගින් කටයුතු කර තිබෙනවා.
පාරිභෝගික සහ වෙළෙඳ දැනුවත් කිරීම්
දැනුවත් කිරීම් හරහා වැරදි අවම කිරීම පිළිබඳව අධිකාරිය දැඩි අවධානයක් යොමු කර තිබෙනවා.
වසර තුළ පුද්ගලයන් 119,868ක් සෘජුවම සම්බන්ධ කර ගනිමින් දැනුවත් කිරීමේ වැඩසටහන් 1,179ක් පවත්වා තිබෙනවා.
මෙයට වෙළෙඳ දැනුවත් කිරීමේ වැඩසටහන් 558ක්, පාරිභෝගික දැනුවත් කිරීමේ වැඩසටහන් 446ක් සහ පාසල් දැනුවත් කිරීමේ වැඩසටහන් 219ක් ඇතුළත්.
මාධ්‍ය සහ ඩිජිටල් සන්නිවේදනය
2025 වසර තුළ මාධ්‍ය නිවේදන සහ අධිකාරියේ නිල ෆේස්බුක් පිටුව හරහා දිනපතා තොරතුරු යාවත්කාලීන කර තිබෙනවා.
වසරේ අවසාන දින 28 තුළ එම පිටුව පුද්ගලයන් මිලියන 1.9ක් පරිශීලනය කර තිබෙනවා.
ඉදිරි දැක්ම
2026 වසරේදී ද නීතිය බලාත්මක කිරීම ශක්තිමත් කිරීමටත්, පාරිභෝගික දැනුවත්භාවය සහ සේවා සැපයීම ඉහළ නැංවීමටත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කැපවී සිටිනවා.
ශ්‍රී ලංකාව පුරා සිටින පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් සුරැකීමට සහ සාධාරණ වෙළෙඳපොළක් නිර්මාණය කිරීමට අධිකාරිය අඛණ්ඩව කටයුතු කරනවා.
