දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය සහ ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම සඳහා අරඹන ලද ‘Rebuilding Sri Lanka’ අරමුදලට United Motros Lanka PLC වෙතින් රුපියල් මිලියන 10ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කර තිබෙනවා.
ඊට අදාළ චෙක්පත United Motros Lanka PLC හි සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර සිරිවර්ධන සහ සමූහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී චාරක පෙරේරා යන මහත්වරු විසින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පසුගියදා පිරිනමනු ලැබුවා.
