පවතින අධික වර්ෂාව සමඟ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අද (26) පස්වරු 04.00 සිට හෙට (27) පස්වරු 04.00 දක්වා මෙම අනතුරු ඇඟවීම ක්රියාත්මක බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරන්නේ.
ඒ අනුව අනතුරු ඇඟවීම් මට්ටම 1 ලෙස කොළඹ දිස්ත්රික්කයේ සීතාවක ,ගාල්ල දිස්ත්රික්කයේ යක්කලමුල්ල, බද්දේගම, නාගොඩ සහ ඇල්පිටිය, කළුතර දිස්ත්රික්කයේ පාලින්දනුවර සහ මතුගම සහ මහනුවර දිස්ත්රික්කයේ උඩුනුවර යන ප්රදේශ සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම නිකුත් කර තිබෙනවා.
එමෙන්ම කෑගල්ල දිස්ත්රික්කයේ දෙහිඕවිට, කුරුණෑගල දිස්ත්රික්කයේ අලව්ව,මාතර දිස්ත්රික්කයේ කොටපොල සහ පිටබැද්දර නුවරඑළිය දිස්ත්රික්කයේ අඹගමුව සහ රත්නපුර දිස්ත්රික්කයේ කුරුවිට, පැල්මඩුල්ල, ඇලපාත, ඇහැලියගොඩ, අයගම, නිවිතිගල, රත්නපුර සහ කිරිඇල්ල නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.
තවද අනතුරු ඇඟවීම් මට්ටම 2 ලෙස කළුතර දිස්ත්රික්කයේ වලල්ලාවිට,මාතර දිස්ත්රික්කයේ වැලිපිටිය,නුවරඑළිය දිස්ත්රික්කයේ කොත්මලේ සහ රත්නපුර දිස්ත්රික්කයේ කලාවන යන ප්රදේශ සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
