පල්ලම ප්රදේශයේ සිදු වූ යතුරුපැදි අනතුරකින් පොලිස් කොස්තාපල්වරයෙකු මියගොස් තිබෙනවා.
ඊයේ (10) පෙරවරුවේ හලාවත දෙස සිට ආණමඩුව දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට ලිස්සා යාම හේතුවෙන් අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.
අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිය පැඳවූ පොලිස් කොස්තාපල්වරයා හලාවත රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනවා.
මියගොස් ඇත්තේ, 2 කණුව, රිදිබැඳිඇල්ල ප්රදේශයේ පදිංචිව සිටි හලාවත පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ 23 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙක්.
අනතුර සම්බන්ධයෙන් පල්ලම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
