තායි , කාම්බෝජ දේශසිමාවේ ඇති වූ ගැටුමකදී තායිලන්ත හමුදාව එල්ල කළ ප්‍රහාරයකින් කාම්බෝජ සිවිල් වැසියන් රැසක් තුවාල ලබා තිබෙනවා.
පසුගිය ජූනි මාසයේ සටන් නතර කිරීමෙන් පසු ඇති වූ විශාලතම ප්රචන්ඩ ක්‍රියාව මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
තායිලන්ත හමුදාව කදුළු ගෑස් සහ රබර් උණ්ඩ භාවිත කිරීම හේතුවෙන් කාම්බෝජ සිවිල් වැසියන් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව එහි සඳහන්.
තායිලන්ත හමුදාව පැවසුවේ තම නිලධාරීන් රැසක් ද තුවාල ලබා ඇති බවයි.
ජූලි මස අගදී පැවති සටන්වලින් දෙරටේම 48 දෙනෙකු මිය ගිය අතර ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අවතැන් වී තිබෙනවා .
