අද (07) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සයිනොපෙක් සමාගම සුපර් ඩීසල් මිල සංශෝධනය කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පෙන්වා දෙන්නේ සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 28කින් ඉහළ දමා ඇති බවයි.
ඒ අනුව රුපියල් 572ක්ව පැවති සයිනොපෙක් සමාගමේ සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 600ක් වී තිබෙනවා.
ඔක්ටේන් 92 , 95 පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් මිල වෙනසක් සිදුනොවන බව එම සමාගම වැඩිදුරටත් පවසනවා.
