කිරි නිෂ්පාදන අංශයේ ඵලදායිතාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය සහ ශ්‍රී ලංකා නාවික හමුදාවට නිල ආරක්ෂක සහාය සඳහා වන ව්‍යාපෘතිය වෙනුවෙන් ජපාන රජයේ ප්‍රදාන ආධාර ලබා ගැනීමට අනුමැතිය ලැබී තිබෙනවා .
දෙරට අතර පවතින දිගුකාලීන සහයෝගිතා පසුබිම තුළ කිරි නිෂ්පාදන අංශයේ ඵලදායිතාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය සඳහා ජපන් යෙන් මිලියන 463ක් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවට නිල ආරක්ෂක සහාය සඳහා වන ව්‍යාපෘතිය වෙනුවෙන් ජපන් යෙන් මිලියන 500ක් වශයෙන් ජපන් යෙන් මිලියන 963ක (ආසන්න වශයෙන් රුපියල් බිලියන 1.94ක්) ප්‍රදානයක් ලබා දීමට ජපාන රජය එකඟතාව පළ කර ඇති බවයි සඳහන් වන්නේ .
කිරි නිෂ්පාදන අංශයේ ඵලදායිතාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ධාරිතාව වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය උපකරණ සහ තාක්ෂණික සහාය ලබා දීමට නියමිත අතර, ශ්‍රී ලංකා නාවික හමුදාවට නිල ආරක්ෂක සහාය සඳහා වන ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විමර්ශන, නිරීක්ෂණ සහ අධීක්ෂණ ක්‍රියාකාරකම් සඳහා ඩ්‍රෝන යානා සැපයීම සඳහා ආධාර ලබා දීමට ද නියමිතයි .
ගරු ජනාධිපතිතුමා විසින් ඉදිරියේදී ජපානයේ සිදු කිරීමට නියමිත රාජ්‍ය සංචාරය අතරතුරදී මෙම ව්‍යාපෘතිවලට අදාළ හුවමාරු පත්‍ර සහ අනෙකුත් ලියවිලි අත්සන් තැබීමට නියමිතව ඇති අතර, ඒ අනුව, ඉදිරි පියවර ගැනීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා .
