ගොවි බිමට හිමිකම ව්‍යාපෘතිය යටතේ ඉඩම් ඔප්පු විසිපන්දහසක් ලබාදීම ලබන 13 වනදා සිට ආරම්භ කරන බව අමාත්‍ය කේ ඩී ලාල් කාන්ත මහතා පවසනවා.
වලව විශේෂ බල ප්‍රදේශයේ මහවැලි සේවකයන්ගේ හා ගොවි සංවිධාන නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පැවති හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
පුනර්ජනනීය බලශක්තිය භාවිත කිරීමට ගොවිජනතාව හුරුකිරීම වෙනුවෙන් වලව කලාපයේ කොට්ඨාශ 6ක ගොවීන් සදහා ජල පොම්ප හා සෝලා විදුලි පැනල ලබාදීම මෙහිදි සිදුවුණා.
අතරමැදි කන්නයේ මුං වගාව වෙනුවෙන් සෙවනගල හා කිරිඉබ්බන්ආර කොට්ඨාශවල ගොවීන් වෙනුවෙන් මුං ඇට බීජ ලබාදීම ද මෙහිදි සිදුවුණා.