සංවිධානාත්මකව කොල්ලකෑමේ නිරත වන කාන්තාවක ඇතුළු කණ්ඩායමක් සොයා පොලිසිය මෙහෙයුම් ක්රියාත්මක කරනවා.
මීරිගම නගරයේ වෙළදසෑල් රැසක් මොවුන් කොල්ල කා තිබෙනවා.
කණ්ඩායමේ කිහිප දෙනෙකු කොල්ලකෑමේ නිරතවන අවස්ථාවේ අදාළ කාන්තාව ඔත්තු බලමින් ඔවුන්ට සහාය දක්වා ඇති බවයි පොලීසිය පවසන්නේ.
වෙළඳසැල්වලින් භාණ්ඩ කොල්ලකන මෙම පිරිස දුර බැහැර ප්රදේශවලට ඒවා අලෙවි කර ඇති බවටයි සැක කෙරෙන්නේ.
මෙම කණ්ඩායම අත්අඩංගුවට ගැනීම සදහා මීරිගම පොලීසිය පරික්ෂණ ක්රියාත්මක කරනවා.