පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දුම්රිය කිහිපයක් ප්රමාද වී ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා .
ප්රධාන මාර්ගයේ සහ කැලණි වැලි මාර්ගයේ දුම්රිය කිහිපයක් මෙලෙස ප්රමාද වී ධාවනය කරන බවයි දුම්රිය පාලක මැදිරිය පැවසුවේ .
බේස්ලයින් හා නාරාහේන්පිට දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට ගස් දෙකක් ස්ථාන දෙකකදී කඩා වැටීම හේතුවෙන් කැලණිවැලි මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාදා මතුව තිබෙනවා .
