පානදුර වෑකඩ ප්රදේශයේ පිහිටි යතුරු පැදි කොටස් අලෙවි කරන ස්ථානයක සිදුවු වෙඩි තැබිමකින් එක් අයෙකු සුළු තුවාල ලැබුවා.
යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු මෙලෙස වෙඩි තබා තිබෙනවා.
යතුරු පැදි කොටස් අලෙවි ස්ථානයේ සේවකයෙකු සිද්ධියෙන් තුවාල ලැබුවා.
ඔහු පානදුර මූලික රෝහලට ඇතුලත් කෙරුණා.
සිද්ධිය පිළිබද පොලිසිය විමර්ෂණ ආරම්භ කර තිබෙනවා.
