ගොවිබිමට පුනරුදය ජාතික වැඩසටහන යටතේ මහවැලි එල් කලාපයේ ගොවි ජනතාවගේ ජිවනෝපාය සංවර්ධනය සඳහා අවශ්‍ය උපකරණ බෙදා දීම නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතාගේ ප්‍රදානත්වයෙන් සිදු වුණා.
උත්සවය පැවැත්වුණේ සම්පත් නුවර ප්රදේශයේදීයි.
මහවැලි කලාපවල ජිවත් වන ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවිමේ අරමුණ ඇතිව ගොවිබිමට පුනරුදය ජාතික වැඩසටහන ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් ක්‍රියාත්මක කරනවා.
අදාළ ගොවි ජනතාවට කෘෂි උපකරණ හා ධීවර ජනතාවට අවශ්‍ය ආම්පන්න ලබාදීම සිදු වනවා.
එමෙන්ම කුකුල් පැටවුන් බෙදාදීම ඉඩම් හිමිකම් පත්‍ර ලබාදීම ආදිය ද ව්‍යාපෘතියට ඇතුලත්.
