ට්රැක්ටර් රථයක් පන ගැන්වූ පුද්ගලයෙකු එම ට්රැක්ටර් රථයටම යටවී ජීවිතක්ෂයට පත්වී ඇති ඛේදජනක සිදුවීමක් වඩුක්කෝට්ටේ පොලිස් වසමෙන් වාර්තා වෙනවා .
එම පුද්ගලයා ට්රැක්ටර් රථය ඉදිරිපසට වන්නට බිම සිටගෙන ට්රැක්ටර් රථය පන ගන්වා ඇති අතර එය එක් වරම ඉදිරියට ධාවනය වීමෙන් ඔහුව පසුපස රෝදයට යටවී ඇති බවයි වාර්තා වන්නේ .
අවට සිටි පිරිස් බරපතල තුවාල ලබාසිටි ඔහුව යාපනය රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මියගොස් තිබෙන බවයි සඳහන් වන්නේ .
මියගිය පුද්ගලයා වයස අවුරුදු 38 ක් වූ අරාලි බටහිර, වඩුක්කෝට්ටේ ප්රදේශයේ පදිංචිකරුවෙක් .
සිද්ධිය සම්බන්ධව වඩුක්කෝට්ටේ පොලිස් ස්ථානය මගින් විමර්ශනයක් ක්රියාත්මක කර තිබෙනවා .
