බූස්ස බන්ධනාගාරය තුළට දුරකථන චාජරයක් ඇතුළු උපකරණ රැගෙන ගිය බන්ධනාගාර නියාමකවරයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නිල ඇදුමේ සගවා ගනිමින් මේවා බන්ධනාගාරය තුළට රැගෙන යාමටයි ඔහු උත්සාහදරා තිබුණා.
බූස්ස බන්ධනාගාර කඳවුරේ නිලධාරීන්ට ලැබුණ තොරතුරකට අනුව බූස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ හදිසි සෝදිසි මෙහෙයුමක් සිදු කළා.
එහිදී එම ඒකකයේ රාජකාරියේ නිරත බන්ධනාගාර නියාමකවරයෙකු ළග තිබූ ඉලෙක්ට්‍රොනික් උපකරණ කීපයක් සොයාගෙන තිබෙනවා.