අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පියෙකු හා වේශනිරූපණ ශිල්පියෙකු වන වසන්ත විට්ටච්චි මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සෙනසුරාදා බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදුකෙරෙනවා.
කඩඉම ටෙලි නාට්‍යයෙන් රංගනයට පිවිසි වසන්ත විට්ටච්චි මහතා ශ්‍රී ලාංකේය සිනමාව , වේදිකාව, ටෙලි නාට්‍ය යන ක්ෂේත්‍ර තුනේම යුග ගණනාවක අත්දැකීම් සහිත කලාකරුවෙකු වනවා.
වේශ නිරූපණ ශිල්පියෙකු ලෙස කලා ක්ෂේත්රයේ නමක් දිනාගෙන සිටින ඒ මහතා රංගන ප්රතිභාවය ද ඉතා මැනවින් ප්‍රකට කළ රංගන ශිල්පියෙකු වනවා.
රෝගාතුරව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලීය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා මිය යන විට 68 වියෙහි පසුවුණා.
ඒ මහතාගේ දේහය කදාන පොල්පිති මුකලාන ප්‍රදේශයේ පිහිටි නිවසේ අද පස්වරුවේ තැන්පත් කෙරෙනවා.
ලබන සෙනසුරාදා උදෑසන කොළඹ ජයරත්න මල්ශාලාවේ දේහය තැන්පත් කිරීමට සැලසුම් කර ඇති අතර එදින පස්වරුවේදීම අවසන් කටයුතු සිදුකිරීමට නියමිතයි.