fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පවත්නා ව්‍යසනකාරී තත්ත්වය හමුවේත් සතුන්ට පිහිටවූ උතුම් මිනිසුන්

ITN News Editor
By ITN News Editor මාර්තු 23, 2020 11:58

පවත්නා ව්‍යසනකාරී තත්ත්වය සතුන්ටද බලපා තිබෙනවා. ජනතාව මහමග නොගැවසීම හේතුවෙන් වන සතුන්ට නිදහසේ ගමන් කළ හැකි තත්ත්වයක් පවතිනවා.

කෙසේ වෙතත් සුනඛයන්, බළලුන් වැනි සතුන්ට ආහාර හිඟයක් ඇති නොවන පරිදි එම සතුන්ට ආහාර ලබාදෙන ආකාරය දිවයිනේ විවිධ ප්‍රදේශවලදී දැක ගත හැකිවූ බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.

කහටගස්දිගිලිය නගරයේ තැනින් තැන වැටී සිටි සුනඛයන්ට ආහාර ලබාදීමට ප්‍රදේශයේ තරුණයන් පියවර ගත්තේ පොලීසියේද සහයෝගය ඇතිවයි.

හැටන් නගරයේ සැරිසරන සුනඛයන්ටද ආහාර සහ පානීය ජලය ලබාදීමට ප්‍රදේශවාසීන් කටයුතු කළා. හැටන් පොලීසිය දඒ සදහා එක් වුණා.

නගරයේ වෙළෙදසැල්වලින් ඉවත ලන ආහාර ගැනිමෙන් ජීවත් වූ අයාලේ යන සුනඛයින්ට මෙසේ ආහාර ලබාදීමට හැකි වූ බවයි හැටන් ප්‍රදේශවාසින් පැවසුවේ.

අම්බලන්ගොඩ නගරයේ සුනඛයන්ට ආහාර ලබාදීමට එක්වූයේ ප්‍රදේශයේ හිමිනමක්.

 

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 23, 2020 11:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්