නේපාල අග්රාමාත්යවරයාට එරෙහිව ගෙන ආ විශ්වාසභාංගය ජයග්රහණය කිරීමට අග්රාමාත්යවරයා සමත්වුණා.
නේපාල අග්රාමාත්ය පුෂ්පා කමල් ඩහාල් ධුරයට පත්වීමෙන් පසු ඔහු මුහුණදුන් 4 වන විශ්වාසභංගය මෙයයි.
ඔහුගේ සභාග රජයෙන් එක් පක්ෂයක් ඉවත් වීම හේතුවෙනුයි අග්රාමාත්යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණේ.
විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්ද 115ක් ලැබුණු අතර අග්රාමාත්යවරයාට පක්ෂපාතීව ඡන්ද 157ක් ප්රකාශය කෙරුණා.
2022 වසරේ දෙසැම්බර් මාසයේ දී පුෂ්පා කමල් ඩහාල් අග්රාමාත්ය ධුරයට පත්වු අතර එතැන් පටන් සභාග රජය එක්ව පවත්වාගෙන යාමට නොහැකි ගැටලු රැසකට මුහුණදීමට ඔහුට සිදුවුණා.
