fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කැරොලිනා ප්‍රාන්තයේ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 4, 2018 14:39

කැරොලිනා ප්‍රාන්තයේ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට

ඇමෙරිකාවේ දකුණු කැරොලිනා ප්‍රාන්තයේ සිදු වූ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වෙඩි ප්‍රහාරයෙන් තවත් පොලිස් නිලධාරීන් 06 දෙනෙකු තුවාල ලබා ඇති බවද සදහන්. වෙඩි ප්‍රහාරය සිදු කළ පුද්ගලයා එම අවස්ථාවේදීම අත්අඩංගුවට ගෙන තිබෙනවා. දකුණු කැරොලිනා ප්‍රාන්තයේ ෆෝලරන්ස් නගරයේදීයි මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ. පැය දෙකකට ආසන්න කාලයක් සිදුකළ මෙහෙයුමකින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකි වුණා. මෙම පොලිස් නිලධාරීන් පිරිස වෙනත් පරීක්ෂණ කටයුත්තක් සදහා එම ප්‍රදේශයට පැමිණි අවස්ථාවක නිවසක් තුළින් පිටතට පැමිණි සැකකරු වෙඩි තැබීම ආරම්භ කර තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 4, 2018 14:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්