මාදම්පේ සිදු කළ මෙහෙයුමකදී අවිආයුධ සහ වාහන සමඟ සැකකරුවන් 06 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මාදම්පේ පොලීසිය උරලිය ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී සැකකරුවන් 06 දෙනෙකු සමඟ වෑන් රථයක් හා අත්බෝම්බයක් මෙන්ම කඩු දෙකක් සහ තවත් තියුණු ආයුධ කිහිපයක් අත්අඩංගුවට ගනු ලැබුවා.
ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 5 මිලිග්‍රෑම් 6 ක් ද සොයා ගැනුණා.
අනතුරු ප්‍රධාන සැකකරුගේ ගෙවත්ත පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව පරික්ෂාවට ලක් කළා.
එහිදී යතුරු පැදි 06 ක් ,ටිපර් රථ 05 ක් ,ලොරි රථයක්,වෑන් රථ දෙකක්, ට්‍රැක්ටර් රථයක් හා බැකෝ යන්ත්‍ර 03 ක් අත්අඩංගුවට ගනු ලැබුවා.
හලාවත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලූෂන් සූරිය බණ්ඩාර මහතාගේ උපදෙස් මත මෙම වැටලීම සිදු කෙරුණු අතර සැකකරුවන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටයි කටයුතු කෙරුණේ.