ජනතාවට පිහිටක් වීම සිය ජීවිතය කරගත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු අද සිදු කෙරෙනවා.
අභාවප්‍රාප්ත තෙවරප්පෙරුම මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට තවමත් විශාල පිරිසක් පැමිණෙමින් සිටිනවා.
පසුගිය 16 වනදා පස්වරුවේ විදුලි සැරවැදීමකින් ජීවිතක්ෂයට පත් වූ එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පසුගිය 17 වනදා රාත්‍රියේ මතුගම යටදොලවත්තේ පිහිටි නිවසට රැගෙන ආවා.
අවමංගල්‍ය උත්සව කටයුතු සංවිධාන කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සහ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද පත්කර තිබෙනවා.
දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා ඊයේ රාත්‍රියේ මහවැසි නොතකා විශාල පිරිසක් පැමිණියා.එමෙන්ම අද උදෑසන සිටම ජනතාව විශාල වශයෙන් පැමිණෙන බවයි අප වාර්තාකරුවන් පසන්නේ.
පාලිත තෙවරප්පෙරුම මහතා ජීවත්ව සිටියදී ඔහු විසින් නිර්මාණය කරන ලද නිසල සෙවනෙහි ඒ මහතාගේ දේහය තැන්පත් කිරීමට නියමිතයි.
පස්වරු දෙකට පමණ අවමංගල උත්සව සභාවේ කටයුතු ආරම්භ වීමට නියමිතව තිබෙනවා.