යාපනය චාවකච්චේරි පොලිස් වසමේ නූනාවිල් ප්රදේශයේ යාපනය මහනුවර ඒ්-9 ප්රධාන මාර්ගයේ අද උදෑසන සිදුවූ රිය අනතුරකින් ඒක් අයෙකු මිය ගොස් තවත් 05 දෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.
කොළඹ සිට යාපනය දක්වා ධාවනය වූ සුඛෝපභෝගී වෑන් රථයක් අලුයම 3ට පමණ ධාවනය වෙමින් සිටයදී චාවකච්චේරි නූනාවිල් ප්රදේශයේ පිරිසක් සමග කුඩා ට්රැක්ටරයක් ධාවනය වෙමින් තිබියදී එහි මුහුණට මුහුණ ගැටීමෙනුයි මෙම අනතුර සිදුව තිබෙන්නේ.
වෑන් රථයේ රියදුරුට නින්ද යාමෙන් එකවරම ඉදිරියෙන් පැමිණ ට්රැක්ටරයේ ගැටී ඇති බවට පොලීසිය සැකපලකර අතර අනතුරින් ට්රැක්ටරයේ පිටුපස ගමන්ගත් එක් අයෙකු රෝහල්ගත කිරීමෙන් පසුව මිය ගොස් තිබුණා.
ඊට අමතරව ට්රැක්ටරයේ ගමන්ගත් තවත් තිදෙනෙකු හා වෑන් රථයේ ගමන්ගත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කරනු ලැබුවා
අනතුරින් මිය ගොස් ඇත්තේ යාපනය කොණ්ඩාවිල් ප්රදේශයේ පදිංචි එම්.සතිෂ් කුමාර් නැමති අයෙකු වන අතර චාවකච්චේරි පොලීසිය වැඩිදුර පරික්ෂණ ආරම්භ කර තිබෙනවා.