ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ දකුණු ආසියානු දෙපාර්තමේන්තු අධ්යක්ෂ සහ එහි ශ්‍රී ලංකාවේ ප්‍රධාන නියෝජිතවරයා සහ තවත් නියෝජිතයන් පිරිසක් ඊයේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට පැමිණ සාකච්ඡාව නිරත වුණා.
ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ මූල්‍ය ආධාර මත ක්‍රියාත්මක කරන මෙරට බලශක්ති ව්‍යාපෘති සම්බන්ධව සහ විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය, ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ සහයෝගය මත පවත්වාගෙන යන විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යාංශය ගැන මෙන්ම කාලගුණික අනාවැකි මත උපකල්පන සහ බලශක්ති කාර්යාංශමතා වැඩසටහන් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කළා.
ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය විසින් විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යාංශය පවත්වාගෙන යාමට දක්වන සහයෝගය සම්බන්ධයෙන් අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය ස්තුතිය පලකළා.
එමෙන්ම ඉදිරි ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු සඳහාද බලශක්ති කාර්යක්ෂමතා වැඩසටහන්, ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු වලට අවශ්‍ය තාක්ෂණික සහය, නව බලශක්ති ව්‍යාපෘති වල ඇගයීම් කටයුතු, විදුලිබල සම්ප්‍රේෂණය සඳහා වන යටිතල පහසුකම් මෙන්ම තවත් තෝරාගත් ව්‍යාපෘතිය සඳහාද ඔවුන්ගේ දායකත්වය බලාපොරොත්තු වන බව දන්වා සිටියා.
