ඉන්දියාවේ පළමු සූර්ය නිරීක්ෂණ යානය තවත් පැය කිහිපයකින් එහි ගමනාන්තයට ළඟා වීමට නියමිතයි.
ඉස්රෝ හෙවත් ඉන්දීය අභ්‍යවකාශ ඒජන්සිය පවසන්නේ ආදිත්‍ය-එල් 1 අභ්‍යවකාශයේ සූර්යයා අඛණ්ඩව නැරඹීමට හැකි ස්ථානයක නවතා තැබීමට උත්සාහ කරන බවයි.
පසුගිය සැප්තැම්බර් 2 වැනිදා එය ගමන් ආරම්භ කළා.
මාස හතරක් තිස්සේ යානය සූර්යයා දෙසට ගමන් කරමින් තිබෙනවා.
එය දියත් කෙරුණේ ඉන්දීය සඳ මෙහෙයුම සාර්ථක වීමෙන් දින කිහිපයකට පසුවයි.
සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම වස්තුව වන සූර්යයා අධ්‍යයනය කිරීම සඳහා ඉන්දියාවේ ප්‍රථම අභ්‍යවකාශ මෙහෙයුම නම් කර ඇත්තේ ද සූර්යයාගේ හින්දු දෙවියන් වන ආදිත්‍ය ගේ නමින්.