නයිජීරියාවේ නයිජර් ප්‍රාන්තයේ අධික බර පැටවූ ට්‍රක් රථයක් පාලනය කරගත නොහැකිව අනතුරකට ලක් වී තිබෙනවා
ඒ එරට අධිවේගී මාර්ගයකදීයි
අනතුරෙන් පුද්ගලයන් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා
සොකෝටෝ ප්‍රාන්තයේ සිට ලාගෝස් හි ආර්ථික කේන්ද්‍රස්ථානය වෙත ගමන් කරන ලද ට්‍රක් රථය මගීන් රැසක් සහ භාණ්ඩ සහිතව අධික වේගයෙන් ධාවනය වූ බව යි ෆෙඩරල් මාර්ග ආරක්ෂණ ඒජන්සිය ප්‍රකාශ කර ඇත්තේ
අනතුරින් දිවි ගලවා ගත් මගීන් 200 කට වැඩි පිරිසක් බරපතල තුවාල ලබා ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා
