fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාර්ලිමේන්තුව ලබන 19 සිට 22 දක්වා රැස්වේ

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 9, 2023 09:37

පාර්ලිමේන්තුව ලබන 19 සිට 22 දක්වා රැස්වේ

පාස්කු ඉරුදින ප්‍රහාරය හා වත්මන් ජාතික ආරක්ෂාව පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය ලබන 21 සහ 22 යන දෙදින පුරා පැවැත්වීමට ඊයේ  (08) පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවා.

පාර්ලිමේන්තුව එළඹෙන 19 වැනි අඟහරුවාදා සිට 22 වැනි සිකුරාදා දක්වා රැස්වීමට නියමිත අතර 19 වැනිදා සහ 20 වැනිදා පෙ.ව 9.30 – පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර තිබෙනවා.

සැප්තැම්බර් 19 වැනි අඟහරුවාදා පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ පනත යටතේ නියෝග සහ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ අංක 2334/47 දරන ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝග විවාදයට ගැනීමට නියමිතයි.

ඉන්පසු ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා කාලය සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා වෙන්කර ඇති බවද රෝහණදීර මහත්මිය සඳහන් කළා.

සැප්තැම්බර් 20 වැනි බදාදා පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා (451 නව අධිකාරිය වූ) වන සංරක්ෂණ ආඥා පනත යටතේ අංක 2346/02 දරන ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝග විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.

ඉන්පසු ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා ආණ්ඩු පක්ෂය  විසින් ගෙනෙන  සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව පිළිබද විවාදය පැවැත්වීමට නියමිතයි.

සැප්තැම්බර් 21 බ්‍රහස්පතින්දා  සහ 22 සිකුරාදා පෙ.ව 9.30 සිට ප.ව 5.30 දක්වා පාස්කු ඉරුදින ප්‍රහාරය හා වත්මන් ජාතික ආරක්ෂාව පිළිබඳ විපක්ෂය විසින් ගෙන එන සභාව කල් තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතයි.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 9, 2023 09:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්